නව පොලිස්පති ගුවන් හමුදාධිපති හමුවෙයි
නව පත්වීම් ලද ශ්‍රී ලංකාවේ 33වන පොලිස්පති එන්.කේ.
ඉලංගකෝන් මහතා අද (ජූලි මස 22 වන දින) පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයට
පැමිණෙන ලදී.
එහිදි එතුමන් කොළඹ කඳවුරු අණදෙන නිළධාරි
එයාර් කොමදෝර් විජිත ගුණරත්න විසින් පිළිගනු ලැබූ අතර ගුවන් හමුදා
චාරිත්‍රනුකූල ලෙස සම්මාන මුරයක්ද පිරිනමන ලදී.
පසුව
එතුමන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා හමුවු අතර මෙම
දෙපල සුහද සාකච්ජාවක නිරත විය. මෙම හමුව සිහිපත් වීම පිණිස ගුවන්
හමුදාපතිතුමා හා පොලිස්පතිතුමා අතර සමරු ඵලක හුවමාරු කරගන්නා ලදි. ඉන් පසු
ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් කොලිත ගුණතිලක සහ ගුවන්
හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයද හමුවිය.























