ගුවන් හමුදා පලාලි කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ නව අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාර ගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය

2024 සැප්තැම්බර් 30 වන කඳවුරු පරිශ්‍රයේ දී පවත්වන ලද අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී, ගෲප් කැප්ටන් එච්එම්සී හේරත් නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඒ කුමාරසිරි නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එච්.එම්.සී හේරත් නිළදාරීතුමන් තමන් අණදෙන නිළධාරියා ලෙස කටයුතු කරන කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියළුම සේවා සහ සිවිල් පුද්ගලයින් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

පැමිණෙන අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ඩබ්ලිව්.එම්.ඒ කුමාරසිරි මහතා මීට පෙර පලාලි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ලෙස පත්වීමට පෙර බත්තරමුල්ල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ලෙස සිය රාජකාරි සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.