මාලදිවයිනේ 2024 සුපිරි කුසලානය ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා පැසිපන්දු කණ්ඩායම් දිනා ගන්නා ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා පැසිපන්දු කණ්ඩායම් 2024 සැප්තැම්බර් 26 සිට 30 දක්වා මාලදිවයිනේ පැවති සුපිරි කුසලාන 2024 තරඟාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා පැසිපන්දු කණ්ඩායම අභියෝගාත්මක ආරම්භයකට මුහුණ දුන් අතර, ඔවුන්ගේ ආරම්භක තරගයේදී ක්වීන්ස් කණ්ඩායම හමුවේ 50-56ක් ලෙස පරාජයට පත් විය.පසුව එලයිට් කණ්ඩායමට එරෙහිව ලකුණු 73-41ක් ලෙස තීරණාත්මක ජයග්‍රහණයක් අත්කර ගනිමින් කැපී දස්කම් දැක්වීමට සමත් වූ අතර අවසන් තරගයේදී, ක්වීන්ස් කණ්ඩායම සමඟ තියුණු සටනකට මුහුණ දී 74-72 ක තියුණු ජයග්‍රහණයක් ලබා ගනිමින් ශූරතාව හිමි කරගන්නා ලදී.

පිරිමි අංශයෙන්, ග්වන් හමුදා පිරිමි පැසිපන්දු කණ්ඩායම තරඟාවලිය පුරාවටම විශිෂ්ට දස්කම් දැක්වු අතර ආරම්භක තරගයේදී කිංග්ස් බිසී කන්ඩායමට එරෙහිව ලකුණු 115-99 ක ප්‍රබල ජයග්‍රහණයක් ලබා ගත් අතර පසුව රෙඩ්වින්ග්ස් කන්ඩායමට එරෙහිව 101-96 සහ ටි-රෙක්ස් බිසි කන්ඩායමට එරෙහිව 94-72 ලකුණු ලබාගනිමන් ජයග්‍රහණ ලබා ගත්හ. අවසන් තරගයේදී ඔවුන් රෙඩ්වින්ග්ස් සමග නැවත වරක් තරග වැදුණු අතර එහිදී ලකුණු 77-71 ක ජයක් ලබා ගනිමින් ශූරතාව දිනා ගැනීමට සමත් විය.

දූත මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ ගෲප් කැප්ටන් කේ.එම්.ජී.එච්.කේ.එච් ඩයස්ගේ නායකත්වය යටතේ කැපවූ කළමනාකාරීත්වය සහ පුහුණු කාර්ය මණ්ඩලය විසින් කණ්ඩායම් සඳහා සහාය ලබා දෙන ලදී. බළලත් නිලධාරි ඒ.එම්.එන්.කේ තිස්ස පුහුණුකරු ලෙස කටයුතු කළ අතර බලපංති සැරයන් ඩී.එම් ලියනගේ කණ්ඩායම් කළමනාකරු ලෙස කටයුතු කළේය. ප්‍රධාන පුහුණුකරු කේ.එස්.ඩබ්ලිව්. පූජිත මහතා විසින් කණ්ඩායම් පුහුණු කරන ලදී.

ඔවුන්ගේ ජයග්‍රහණවලින් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදා පැසිපන්දු කණ්ඩායම් 2024 ඔක්තෝබර් 01 වන දින දිවයිනට පැමිණියහ. ගුවන් හමුදා පැසිපන්දු සංචිත සභාපති එයාර් කොමඩොර් අමල් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ඔවුන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.