ආරාධිත මට්ටමේ B තුන්දින ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩක 'තරගාවලියේ ක්‍රීඩකයා' හිමි කුසලානය දිනා ගනී

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් කණ්ඩායමේ නායක ගුවන් භට ප්‍රේමරත්න පසුගියදා නිමාවට පත් වූ ආරාධිත මට්ටමේ B තුන්දින ක්‍රිකට් තරගාවලියේ ‘තරඟාවලියේ ක්‍රීඩකය’ ට හිමි කිරුළ හිමිකර ගැනිමට සමත් විය. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය සඳහා ප්‍රභල ක්‍රිකට් සමාජ 12 ක් සහභාගී වූ අතර ජාතික මට්ටමේ ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් එය ඉතා තරඟකාරී ඉසව්වක් බවට පත් විය. නායක ගුවන් භට ප්‍රේමරත්න ලකුණු 422ක් රැස් කිරීම සහ කඩුලු 70 ක් දවා ගනිමින්  විශිෂ්ට දස්කම් දැක්විමට සමත් වූ අතර ඔහුගේ තුන් ඉරියව් විශිෂ්ඨත්වය සඳහා ඔහුට ලැබිය යුතු ඉහලම පිළිගැනීම ලබා ගන්නා ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරඟාවලියේ ජයග්‍රාහකයින් සහ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් ඇගයීම සඳහා 2024 ඔක්තෝබර් 01 වන දින ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන ලදී. මෙම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් අතර තරඟාවලි කමිටු ප්‍රධානීන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් ද විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.