ගුවන් හමුදාවේ නව අශ්ව පැටියා - ඒටන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමි 'ගැටිපවර්' නැමැති වෙළඹ සිය ප්‍රථම අශ්ව පැටවා බිහි කරන ලදී.මෙම ඓතිහාසික සිදුවීම ගුවන් හමුදා දියතලාව කඳවුරේදී පසුගිය 25 වන දින සිදු විය.

'ගැටිපවර්' වෙළඹ සිය පැටවා බිහි කරන තෙක්, එනම් දින 351 පුරාවට අවශ්‍ය සියලුම දෑ සොයා බැලීම සිදු කරනු ලැබුවේ ගුවන් හමුදාවේ පශු වෛද්‍ය ශල්‍ය වෛද්‍යවරුන්ය.

මෙම පැටවා බිහි වීමත් සමඟම ගුවන් හමුදාව සතු අශ්වයින් සංඛ්‍යාව තුන දක්වා වැඩි වී ඇත. මෙම පැටවා බිහි වීමත් සමඟම ගුවන් හමුදාව සතු අශ්වයින් සංඛ්‍යාව තුන දක්වා වැඩි වී ඇත. එනම් වෙළඹ 'ගැටිපවර්', අශ්වයා 'ටර්බෝනේටර්' සහ අලුත උපන් පැටවා මීට අයත් වේ.

මෙම දඟකාර සුරතල් පැටවා 'ඒටන්' (වේගයෙන් පියාඹිය හැකි රාජාලියා) ලෙස නම් කරන
ලදී. මෙම අශ්ව පැටවා ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කඳවුරේ අභිමානයක් ලෙස රැක බලා ගැනීමට සියලු දෙනාම කටයුතු කරනු ඇත.

      

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.