ඕස්ට්‍රේලියානු නිලධාරීන් විසින් බීච්ක්‍රාෆ්ට් කිංග් එයාර් 350 ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සම්පූර්ණ නීත්‍යානුකූලව පැවරීම

බීච්ක්‍රාෆ්ට් කිංග් එයාර් 350 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාරදීමේ නීතිමය කටයුතු විධිමත්ව අවසන් කිරීම සඳහා ඕස්ට්‍රේලියාවේ නිලධාරීන් 2024 ඔක්තෝම්බර් 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයට පැමිනෙන ලදී. නීතිමය ලියකියවිලි අත්සන් කිරීම ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ඔස්ට්‍රේලියානු නියෝජිත පිරිසේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් අතර සිදුකෙරිණි.

ඕස්ට්‍රේලියානු දූත පිරිසට ප්‍රාදේශීය සැකසුම් කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ ශාන් ස්ට්‍රග්නෙල් මහත්මිය, ප්‍රථම ලේකම් සහ ඕස්ට්‍රේලියානු දේශසීමා බළකායේ සම්බන්ධීකාරක ජෝඩි ලුවිස් මහත්මිය, ලලිතා කපූර් මහත්මිය සහ තවත් සාමාජිකයින් දෙදෙනෙක් ඇතුළත් වූහ. ඔවුන් සමඟ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් ද එක්ව සිටියහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් මාණ්ඩලික ප්‍රධානී, කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.