ගුවන් හමුදා වීරවිල කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 නොවැම්බර් 02 වන දින වීරවිල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී. වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් සුරේෂ් ජයසිංහ විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගන්නා ලදී. පෙළපාලිය අතරතුර, පහත සඳහන් ගුවන් භටයින් සදහා ඔවුන් දැක්වූ සුවිශේෂී දායකත්වය අගයමින් ගුවන් හමුදාධිපතිතුමා විසින් ප්‍රශංසා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.

බළපංති සැරයන් මධුසංක  (ගුවන් ගුවන් විදුලි කාර්මික II)
කෝප්‍රල් රත්නකුමාර (මෙහෙයුම් භූමිය II)

දින පරීක්ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරු මූලස්ථානය, සැපයුම් අංශය, ATC කුළුණ, ගිනි නිවීමේ අංශය, අවි ගබඩාව, අංක 41 රෙජිමේන්තු පක්ෂාංගය, ගුවන් කාන්තා නිවස්නය, සුභසාධක වෙළද සැල, ක්‍රීඩා අංශය,  බළලත් කිළධාරී සහ සැරයන් නිවස්නය, නිලධාරී නිවස්නය, අංක 03 ගුවන් ආරක්ෂක සහ රේඩාර් බලඝනය, ගුවන් භට සහ ගුවන් කාන්තා සමාජ ශාලාව, ගුවන් භට සහ ගුවන් කාන්තා භෝජනාගාරය ඇතුළු කදවුරේ සියළුම ප්‍රදේශ නිරීක්ෂනය කරන ලදී.

 ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා කැපවී සිටින සියලූම සේවා පුද්ගලයින් සහ සිවිල් සේවකයින් වෙත සිය කෘතඥතාවය පුදකරමින් ගුවන් හමුදාධිපතිතුමන් වාර්ශික පරීක්ෂණ අවසන් කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.