පාලවි ගුවන් හමුදා කඳවුර 17 වැනි සංවත්සරය සමරන ලදී

2024 ඔක්තෝම්බර් 31 වන දින කන්දයාය විහාරස්ථානයේ පැවති සාම්ප්‍රදායික 'කඨින පූජාවෙන්' ආරම්භ වූ ගුවන් හමුදා පාලවි කදවුර එහි 17 වන සංවත්සරය උත්සව මාලාවකින් 2024 නොවැම්බර් 1 වන දින සමරන ලදී. ගුවන් හමුදා පාලවි කදවුර වෙත මනරම් පෙරහැරක් වඩමවන ලද කඨින චීවරය කඳවුරු මූලස්ථානයේ තැන්පත් කරන ලදී. කන්දයාය විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් එදින සවස කඳවුරු පරිශ්‍රයේ ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර පසුදින කන්දයාය විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් පවත්වන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව 2024 නොවැම්බර් 04 රුක් රෝපණ වැඩසටහනකින් අවසන් විය. මෙම අවස්ථාවට පුත්තලම වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, අණදෙන නිලධාරී, නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.