විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදා වරලත් නිලධාරියා ආදර්ශවත් අඛණ්ඩතාව වෙනුවෙන් ගුවන් හමුදාපති ගෞරවයට පත්වන ලදී

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමින් යුත් බැංකු කාඩ් හා මුදල් සමග අස්ථාන ගතවූ මුදල් පසුම්බියක් අයිතිකරුට භාරදී, රටටම ආදර්ශයක් වූ විශ්‍රාමික ගුවන් හමුදා බළලත් නිලධාරිවරයා ගුවන් හමුදාපතිතුමන්ගේ   ඇගයීමට.

පසුගියදා කොළබ සිට හොරණ බලා ධාවනය වූ බස් රථයේ අස්ථාන ගතවූ මුදල් පසුම්බිය හිමිකරුට  භාර දීම රටටම ආදර්ශයක් වෙමින් සමාජය තුල ඇගයිමට ලක්වු   ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමලත් බළලත් නිලධාරි ආර්.යූ.සෙනෙවිරත්න මහතා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමන් විසින් ගුවන් හමුදා මූලස්ථානයේ දි ඇගයීමට ලක්කිරිම සිදුකරන ලදි.

මෙහිදි ගුවන් හමුදාධිපතිතුමන් විසින් විශ්‍රාමික බළලත් නිලධාරි ආර්.යූ.සෙනෙවිරත්න මහතා සිදුකරනු ලැබු  මෙම ආදර්ශමත් ක්‍රියාව අගයමින් ඔහු සමග ගුවන් හමුදා මුලස්ථානයේදි සුහද කථාබහක නිරතවු අතර මෙම ආදර්ශමත් ක්‍රියාව තුලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ප්‍රතිරූපයද  ඉහල නැංවීමට හැකිවිම පිළිබද  ඔහු හට ගුවන් හුමදාධිපතිතුමනගේ මෙන්ම සමස්ථ ගුවන් හමුදාවේම ගෞරවය හිමිවන බව පවසා සිටින ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.