ගුවන් හමුදා රග්බි කණ්ඩායමට තවත් ජයක්

කැල්ටෙක්ස් සූරතා රග්බි තරඟාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම හා සී.එච් සහ එෆ්.සි රග්බි කණ්ඩායම අතර තරඟය පසුගිය ජූලි 16 වන දින මෙයිට්ලන්ඩ් පෙදෙසේ පිහිටි සි.සි.සි ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. මෙම තරඟයෙන් ගුවන් හමුදා රග්බි කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි විය.

තරඟයේ පළමු අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයින් වන රදික හෙට්ටියාරච්චි සහ චානක චන්දිමාල් එක්ව ලකුණු 7ක් ලබා ගත් අතර, ප්‍රතිවාදි පිළට කිසිදු ලකුණක් ලබා ගැනීමට නොහැකි විය.

දෙවන අර්ධයේදී සී.එච් සහ එෆ්.සි රග්බි කණ්ඩායම ලකුණු 12ක් ලබා ගත් අතර ගුවන් හමුදා කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 10ක් පමණි. කෙසේ නමුත් තරඟය අවසානයෙදී ගුවන් හමුදා කණ්ඩායම 17-12ක් ලෙස තරඟය ජය ගන්නා ලදී.   




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.