2024 NSSF ස්කීට් ජාතික ශූරතාව

ජාතික ක්‍රීඩා වෙඩි තැබීමේ සම්මේලනයේ ස්කීට් ජාතික ශූරතාවලිය 2024 නොවැම්බර් 02 සහ 03 යන දිනයන්හිදී කොළඹ පයාගල, ක්ලේ ඉලක්කයට වෙඩි තැබීමේ සමාජ පිටියේදී පවත්වන ලදී.

ශූරතාවලිය සඳහා දිවයිනේ වෙඩි තැබීමේ සමාජ 08 ක ප්‍රමුඛතම වෙඩික්කරුවන් 14 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගි වූහ. ජාතික ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි වෙඩි තැබීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු සහභාගී වූ අතර ඔවුන් රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් හිමිකර ගැනීමට සමත් විය.

ප්‍රථිඵල සාරාංශය


තනි පුද්ගල ශූරතාවය
බළලත් නිලධාරි එම්.ඒ.එස්.බී.රණසිංහ

සමස්ත 01 වැනි අනුශූරතාව
බළලත් නිලධාරි එම්.ඒ.එස්.බී.රණසිංහ

කණ්ඩායම් 01 වන අනුශූරතාව
බළලත් නිලධාරි එම්.ඒ.එස්.බී.රණසිංහ
කෝප්‍රල් බණ්ඩාර කේ.ඒ.ඩී.එස්
කෝප්‍රල් ප්‍රියශාන් එච්.ටී.ඩබ්ලිව්.ජේ

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.