කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඊගල්ස් ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී

කටුනායක ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද ඊගල්ස් ක්‍රිකට් ප්‍ර්ක්ෂකාගාරය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 නොවැම්බර් 05 දින විවෘත කරන ලදී. මෙම සංකල්පය මුලික වශයෙන් අපේක්ෂා කරන ලද්දේ ඔහු කඳවුරු අණදෙන නිලධාරියා ලෙස කටයුතු කරන සමයේදී වන අතර, මෙම ව්‍යාපෘතිය ඔහුගේ නායකත්වය යටතේ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක විය.

ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් චන්දන ගීතප්‍රිය මහතාගේ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු පක්ෂාංගයේ දක්ෂ ගුවන් භටයින් විසින් 2024 මැයි 04 වැනි දින ඉදිකිරීම් ආරම්භ කරන ලදී. ප්‍රේක්‍ෂකයින් සියයකට අධික සංඛ්‍යාවක් සඳහා ආසන පහසුකම්, අංග සම්පූර්ණ ඇඳුම් ආයිත්තම් කට්ටලයක් සහ තරග තීරක නිලධාරීන් සඳහා නවීකරණය කරන ලද පහසුකම් සහ කඳවුරේ ඇති ක්‍රීඩා පහසුකම් වැඩිදියුණු කරමින් මෙම ප්‍රේක්ෂකාගාරයේ ඉදිකිරීම් සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රිකට් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් අගයමින් ගුවන් හමුදා ක්‍රිකට් සභාපති එයාර් වයිස් මාර්ෂල් චමින්ද වික්‍රමරත්න විසින් ගුවන් හමුදාපතිතුමන් සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් මෙහෙයුමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර වින්ග් කමාන්ඩර් මිගාර පෙරේරා යන මහත්ම මහත්මීන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. සමාරම්භක උත්සවය සඳහා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුරේෂ් ප්‍රනාන්දු, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කදවුරු වැඩබලන අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් රජින්ත් යන මහත්වරු ද සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.