මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා පිටත්වයාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින්ගේ වීසිරයාමේ  පෙළපාලිය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා මූලික කදවුරේ දී අභිමානවත් අයුරින් පැවැත්වින .

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු සදහා පිටත්වයාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 10  වන කණ්ඩායම  සදහා  නිලධාරීන් 20 දෙනෙකු සහ සෙසු නිලයන් 88 දෙනෙකු ඇතුලත්ව ඇත.  

ශ්‍රි ලංකා ගුවන් හමුදාව  2014 වර්ෂයේ සිට මේ  දක්වා සාම සාධක රාජකාරී සදහා සම්බන්ධවිම තුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 130 ක් පමණ මුදලක් මහ  භාණ්ඩාගාරය වෙත ලබා දීමට  කටයුතු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරී කටයුතු අනුයුක්ත කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයින් විසින්   මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සංග්‍රාමික මෙහෙයුම් වලට දායකත්වය ලබා දීමට අමතරව භට පිරිස් ප්‍රවාහනය, ප්‍රභූ ප්‍රවාහනය, ආහාරපාන සහ භාණ්ඩ ප්‍රවාහනය, අභ්‍යන්තර ගුවන් ගමන්, පැරෂුට් මගින් භාණ්ඩ ගොඩ බෑම, වෛද්‍ය ප්‍රවාහන කටයුතු සදහා සහාය දැක්වීම  සිදු කරනු ලබයි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.