2024-49 වැනි තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව රන් පදක්කමට හිමිකම් කියයි

ශ්‍රී ලංකා තත්ත්‍ව සහ ඵලදායිතා සංගමය විසින් සංවිධානය කරන ලද තත්ත්ව පාලන කව පිළිබඳ 49 වැනි ජාත්‍යන්තර සමුළුව  ගුණාත්මක භාවය, ඵලදායිතාව සහ නවෝත්පාදනය සඳහා වූ ගවේෂණයක්' යන තේමාව යටතේ 2024 නොවැම්බර් 11 සිට 13 දක්වා බණ්ඩාරනායක අනුස්මරන සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රය හා ගල්කිස්ස හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්විණි. ජපානය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු ආසියානු රටවල් 14 මෙම සමුළුව සදහා සහභාගී විය.

2023 වසරේ ශ්‍රී ලංකා තත්ත්‍ව සහ ඵලදායිතා සංගමය විසින් පවත්වන ලද තත්ත්ව සහ ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මුතියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දේශීයව නිර්මාණය කරන ලද සහ නිෂ්පාදනය කරන ලද රත් වූ ආර්ද්‍රතාවය සහිත ඔක්සිජන් ප්‍රතිකාර (HHOT) ඒකකය ඉදිරිපත් කරන ලද අතර එහිදී රන් සම්මානයක් ද හිමි කර ගැනීමට ගුවන් හමුදාව සමත් විය.

විංග් කමාන්ඩර් ජේ.ඩී.එන් පෙරේරා, විංග් කමාන්ඩර් එන්.කේ අබේවර්ධන, ස්කොඩ්‍ර ලීඩර් කේ.ආර්.ආර්.එන් පුෂ්පකුමාර, ස්කොඩ්‍ර ලීඩර් ඩබ්ලිව්.එම්.එච් බණ්ඩාරනායක, බළලත් නිලධාරී ජී.එච්.එස් නිරෝෂන සහ බළපංති සැරයන් ජයසිංහ ජී.ඩබ්ලිව්.එස්. යන නිළධාරීන් සහ සෙසු නිළයන්ගෙන් ගුවන් හමුදා තත්ත්ව වැඩිදියුණු කිරීමේ කණ්ඩායම සමන්විත විය.

මෙම කණ්ඩායම 2024 නොවැම්බර් 14 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී 49 වැනි තත්ත්ව පාලන කව පිළිබඳ ජාත්‍යන්තර තරඟාවලියේදී දිනාගත් රන් සම්මානය නිල වශයෙන් ප්‍රදානය කරන ලදී. කණ්ඩායමේ උත්සාහය සහ ඔවුන්ගේ ජයග්‍රහණ ගුවන් හමුදාධිපතිතුමන් විසින් අගය කරන ලදී. අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු, එයාර් වයිස් මාර්ෂල් ඉන්දික වික්‍රමසිංහ සහ අධ්‍යක්ෂ තත්ත්ව සහතික, එයාර් කොමඩොර් චන්දිමාල් හෙට්ටිආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට කණ්ඩායම සමඟ එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.