කාන්තා මලල ක්‍රීඩා ශූරතාවය - 2011

ගුවන් හමුදා කාන්තා මලල ක්‍රීඩිකාවන් 'කාන්තා මලල ක්‍රීඩා ශූරතාවය - 2011' දිනා ගැනීමට සමත් වූහ. මෙම තරඟාවලිය ජූලි මස 23 හා 24 යන දිනයන්හිදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

29 වන වරටත් පැවැත්වෙන මෙම තරඟාවලිය සඳහා ගුවන් හමුදාව, යුධ හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ලංකා ලයන්, ට්‍රැක් මාස්ටර් හා තෝරාගත් පාසැල් නියෝජනය කරමින් ක්‍රිඩිකාවන්  300කට අධික ප්‍රමාණයක් සහභාගී වීම විශේෂත්වයකි.

ගුවන් හමුදා ක්‍රීඩිකාවන් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් රන් 10, රිදී 12 හා ලෝකඩ 15ක් වශයෙන් පදක්කම් 37ක් දින ගැනීමට සමත් වූහ. ගුවන් හමුදාවේ ගුවන් කාන්තා නිමාලි මීටර 3000 බාධක තරන ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය. ඇය විශිෂ්ටතම මලල ක්‍රීඩිකාව ලෙස 'නිර්මලා දිසානායක අභියෝගතා කුසලානය' දිනා ගැනීමට සමත් වූවාය.    

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.