2024 - ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලිය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී සාර්ථකව අවසන් විය.

ඊගල් කුසලාන හෑන්ඩ්බෝල් තරඟාවලියේ 3 වන අදියර 2024 නොවැම්බර් 17 සිට 20 දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. 2024 නොවැම්බර් 20 දින පැවති අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. ත්‍රිවිධ හමුදා හෑන්ඩ්බෝල් කණ්ඩායම්, අනෙකුත් ප්‍රාදේශීය හෑන්ඩ්බෝල් ක්‍රීඩා සමාජ සහ පාසල් මට්ටමේ හෑන්ඩ්බෝල් ක්‍රීඩා සමාජවල ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත මෙම ඉසව්ව සඳහා පිරිමි අංශයේ කණ්ඩායම් 9ක් සහ කාන්තා අංශයේ කණ්ඩායම් හයක් එක්විය.

කාන්තා කණ්ඩායම් ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව තරඟාවලිය පුරාවටම සුවිශේෂී උපාය මාර්ග සහ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. අනුශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට හිමිවිය. පිරිමි ශූරතාවලියේදී ශ්‍රී ලංකා යුද හමුදාවට ජයග්‍රහණය හිමිවූයේ දඩුවම් පහරකින් අවසන් වූ තියුණු අවසන් මහා තරගයෙන් පසුවය.

පිරිමි අවසන් මහා තරගය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම් අතර තියුණු සටනක් වූ අතර නියමිත කාලය අවසන් වන විට දෙපිලම ලකුණු 38ක් ලබා සිටියහ. ඉන් අනතුරුව පැවති දඬුවම් පහරේ දී ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මේ අතර කාන්තා අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිල ලකුණු 22-18ක් ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පිල පරාජය කළේය.

මෙම උත්සවය සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා හෑන්ඩ්බෝල් සභාපති එයාර් වයිස් මාර්ෂල් රජින්ත් ජයවර්ධන නිලධාරිතුමන්, ශ්‍රී ලංකා හෑන්ඩ්බෝල් සම්මේලනයේ සභාපති උපාලි රාජපක්ෂ, ගුවන් හමුදා ක්‍රීඩා සාමාජිකයින්  හා අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ප්‍රතිඵල සාරාංශය

පිරිමි කාණ්ඩය

හොඳම ප්‍රහාරකයා
ඩබ්ලිව් ඒ සී පී විජේන්ද්‍ර (නාවික හමුදාව)

හොඳම ගෝල රකින්නා
එම් ඩබ්ලිව් ඒ පී වීරසිංහ (යුද හමුදාව)

හොඳම ආරක්ෂක ක්‍රීඩකයා
ටී එම් පී කේ තිලකරත්න (යුද හමුදාව)

තරගාවලියේ ක්‍රීඩකයා
කේ එම් ආර් ගුණවර්ධන (යුද හමුදාව)

කාන්තා කාණ්ඩය

හොඳම ප්‍රහාරකයා
එම් එස් මුනිදාස (ගුවන් හමුදාව)

හොඳම ගෝල රකින්නා
පී අයි ඩී එස් ප්‍රනාන්දු (ගුවන් හමුදාව)

හොඳම ආරක්ෂක ක්‍රීඩකයා
ඩබ්ලිව් පී එරන්දි (ගුවන් හමුදාව)

තරගාවලියේ ක්‍රීඩකයා
ඒ පී ආර් නිර්මානි (ගුවන් හමුදාව)

හොඳම නැගී එන ක්‍රීඩකයින්
පිරිමි: උමේෂ් කාවින්ද (කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම)
කාන්තා: අගල්‍යා අශ්විනි (නැවත එන කණ්ඩායම)

දක්ෂිණාංශික ක්‍රීඩකයා
පිරිමි: ඩබ්ලිව් ඒ් සී පී විජේන්ද්‍ර (නාවික හමුදාව)
කාන්තා: එම් එස් මුනිදාස (ගුවන් හමුදාව)

දකුණු පසුපස ක්‍රීඩකයා
පිරිමි: කේ එම් ආර් ගුණවර්ධන (යුද හමුදාව)
කාන්තා: ඒස් ඒ් ඒස් ඒම් පෙරේරා (යුද හමුදාව)

වාමාංශික ක්‍රීඩකයා
පිරිමි: ආර් එම් එන් රත්නායක (යුද හමුදාව)
කාන්තා: ඩබ්ලිව් ඩී ආර් සෙව්වන්දි (ගුවන් හමුදාව)

වම් පසුපස ක්‍රීඩකයා
පිරිමි: පීපී එම් කොස්තා (යුද හමුදාව)
කාන්තා: ඒ පී ආර් නිර්මානී (ගුවන් හමුදාව)

 පිවොට්(Pivot) ක්‍රීඩකයා
පිරිමි: ඩබ්ලිව් එච් පී ඩී සිල්වා (නාවික හමුදාව)
කාන්තා: ඩබ්ලිව් යූ මහආරච්චි (යුද හමුදාව)

මධ්‍යම ක්‍රීඩකයා
පිරිමි: එච් ඒ ඩී හෙට්ටිගොඩ (නාවික හමුදාව)
කාන්තා: ඩබ්ලිව් පී එරන්දි (ගුවන් හමුදාව)

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.