ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 සහ අංක 09 හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය සහ රණවිරුවන් අනුස්මරණය කිරීම 2024 නොවැම්බර් 21 දින පැවැත්විණි

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාව 2024 නොවැම්බර් 21 දින පැවැත්විණි. අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ සහ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ සාමාජිකයින් එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සියලුම අංශවල සහාය ලැබීය.

උත්සවය විචිත්‍රවත් පෙරහැරකින් ආරම්භ විය. එහිදී පූජනීය ධාතු කරඩුව අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ පිරිත්මණ්ඩපයට වැඩම කරන ලදී. අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් කාංචන ලියනාරච්චි විසින් සරසන ලද පිරිත් මණ්ඩපයේ සධාතුක කරඬුව ගෞරවනීය ලෙස තැන්පත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු දිනේෂ් ජයවීර ප්‍රමුඛ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

පිරිත් සජ්ඣායනය මුළු රාත්‍රිය පුරාවටම පැවත්විය. අනතුරුව 2024 නොවැම්බර් 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේදී සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ දානමය පිංකම සදහා අංක 7 බලඝණයේ සහ අංක 9 බලඝණයේ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ද සහභාගී වීය.

මීට අමතරව, පිරිත් සජ්ඣායනයට පෙර දිනවලදී වෙනත් ආගම්වල මියගිය රණවිරුවන් වෙනුවෙන් ආගමික වතාවත් සිදු කරන ලදී. 2024 නොවැම්බර් 18 සහ 2024 නොවැම්බර් 21 යන දිනවලදී ඉස්ලාමීය සහ කතෝලික ආගමික සේවාවන් හිගුරක්ගොඩ ජුම්මා මස්ජිඩ් පල්ලියේ සහ ක්‍රයිස්ට් කිං දේවස්ථානයේදී පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.