2024 - රණවිරු අනුස්මරණ දින උත්සවය කොළඹදී පැවැත්විණි

ශ්‍රී ලංකා හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමය (SLESA) විසින් 2024 නොවැම්බර් 24  දින විහාර මහා දේවී උද්‍යානෙය් රණවිරු ස්මාරකය අභියසදී ලෝක යුද්ධවලින් මියගිය රණවිරුවන් ඇතුළු මියගිය සියලුම රණවිරුවන්ට උපහාර "පොපි මල් දිනය" ලෙසින්  අනුස්මරණ දිනය සැමරීමේ උත්සවයක් පැවැත්වීය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ත්‍රිවිධ හමුදාවේ ජනාධිපතිතුමා සහ සේනාධිනායක අතිගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය, මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික), ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයකොන්ත (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරක්‍ෂක අනුයුක්ත, හිටපු ත්‍රිවිධ  හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා  හිටපු හමුදා සාමාජිකයින්ගේ සංගමෙය් සාමාජිකයින් මෙම උත්සවය සහභාගී විය.

කොළඹ යුද ස්මාරකය මුලින් ගාලු මුවදොර ඉදිකරන ලද නමුත් පසුව දෙවන ලෝක සංග්‍රාමයේදී සොහොන් ගෙය ගලවා එහි වර්තමාන ස්ථානයේ නැවත ඉදිකරන ලදී. සොහොන් ගෙය පළමු ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් අඩංගු වන අතර, එය පිටුපසින් ඇති අනුස්මරණ බිත්තිය දෙවන ලෝක යුද්ධයේදී මියගිය අයගේ නම් ඇතුලත් කරඇත.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.