පස්වන ලෝක ආරක්ෂක මළල ක්‍රීඩා උළෙල

බ්‍රසීලයේ රියෝ ද ජෙනේරෝහි පැවැති පස්වන ලෝක ආරක්ෂක මළල ක්‍රීඩා උළෙලදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුධ හමුදාව හා නාවික හමුදව ලෝකඩ පදක්කම් දෙක බැගින් දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මෙම තරඟාවලිය ජූලි මස 15 වනද සිට 24 වනදා දක්වා පැවැත්විණි.

මෙම තරඟාවලිය සඳහා රටවල් 100කට අධික ප්‍රමානයක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000ක් පමණ සහභාගී විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'ජූඩෝ' කණ්ඩායමේ නායකයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා කටයුතු කළ අතර, එයාර් කොමදෝරු ඒ.පී. අබේසේකර මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස සහභාගී විය. එයාර් කොමදෝරු හර්ෂ ප්‍රනාන්දු නියෝජ්‍ය නායකයා වශයෙන්ද, දැල්පන්දු කණ්ඩායමේ නායකයා ලෙස විංග් කමාණ්ඩර් පද්මන් කොස්තා ලෙසත් කාන්තා දැල්පන්දු පුහුණුකරු ලෙස බළඝණ නායක එම්.සී.එම්. ප්‍රනාන්දු කටයුතු කරන ලදී.

ගුවන්භට රනිල් ජයවර්ධන 4x100 අංශයෙන් ලෝකඩ පදක්කම දිනා ගත් අතර කාන්තා 4x400 අංශයෙන් කෝප්‍රල් චන්ද්‍රිකා රස්නායක ලෝකඩ පදක්කමක් දිනා ගැනීම සමත් වූවාය.  




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.