ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු  2024 දෙසැම්බර් 03 දින පත් කරන ලදී. සම්ප්‍රදායික භාරදීමේ/ භාරගැනීමේ පෙළපාළිය කදවුරු මූලස්ථාන පෙළපාළි භූමියේදී සිදු විය.  එහි නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්පී ජයසිංහ නිලධාරිතුමන්  විසින් රාජකාරිය ගෲප් කැප්ටන් ජෙ.ජී ජයලත්  නිලධාරිතුමන් හට භාරදෙන ලදී. ගෲප් කපිතාන් එස්පී ජයසිංහ ගුවන් හමුදා මූලස්ථානය වෙත යන අතර එහිදී ඔහු ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

නව අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ජේ.ජී. ජයලත් සම්ප්‍රදායික භාරදීමේ/ භාරගැනීමේ පෙළපාලිය අවසන් කිරීමෙන් අනතුරුව වැඩ භාර ගන්නා ලදී. මින් පෙර ඔහු වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර පරිපාලන අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී පරිපාලක සම්බන්ධීකාරක ලෙස රාජකාරි සිදු කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.