ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත්කෙරේ

මීරිගම ගුවන් හමුදා කදවුරේ නව අණදෙන නිලධාරිවරයකු පත් කිරීම 2024 දෙසැම්බර් 04 වන දින කදවුර පරිශ්‍රයේදී පවත්වන ලදී. භාරදීම / පවරාගැනීමේ පෙළපාලිය කදවුර පරිශ්‍ර ක්‍රීඩා පිටියේදී පවත්වන ලදී. පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන්  ඩී.ඒස්.සී ප්‍රනාන්දු විසින් ගෲප් කැප්ටන් ඒම්.ඒච්.ඒම්.ටී.සී.කෙ  බණ්ඩාර නිලධාරිතුමන් හට රාජකාරිය භාරදෙන ලදී.

ගෲප් කැප්ටන් ඩීඑස්සී ප්‍රනාන්දු ගුවන් හමුදා මූලස්ථානය වෙත යන අතර එහිදී ඔහු වැඩබලන ප්‍රාග්ධන සුබසාධන ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස වැඩ භාර ගැනීමට නියමිතය.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්.එච්.එම්.ටී.සී.කේ බණ්ඩාර නිලධාරිතුමන් මීරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ධූරයට පත්වීමට පෙර ගුවන් හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂක කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී න්‍යාය සහ පුහුණු සංවර්ධන අධ්‍යක්ෂ ලෙස රාජකාරිය සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.