අංක 47 නිලධාරී අංක 07 විදේශීය, අංක 63 ගුවන් භටයින් සහ අංක 38 නාවික හමුදා පුද්ගලයින්ගේ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ මූලික පාඨමාලාවේ සහතිකය සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 47 නිලධාරී, අංක 07 විදේශීය, අංක 63 ගුවන් භට, අංක 16 ගුවන් කාන්තාවන් සහ අංක 38 නාවික හමුදා පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රිය කිරීමේ (EOD) මූලික පාඨමාලා සාර්ථකව නිමකල සාමාජිකයින් සඳහා සහතිකපත් සහ ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2024 දෙසැම්බර් 13 වන දින ගුවන් හමුදා පාලවි කඳවුරේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමදෝරු එම්.පී.ඒ ගලප්පත්ති සහභාගී විය.

මූලික පුහුණුව සාර්ථකව නිම කල ඉන්දීය ගුවන් හමුදා නිලධාරියෙක්, සැම්බියානු ගුවන් හමුදා එක් සාමාජිකයෙක්, මාලදිවයින් ආරක්‍ෂක හමුදාවේ එක් සාමාජිකයෙක් ඇතුළු අභ්‍යාසලාභීන් 24 දෙනෙකු නිල ලාංඡන ලබා ගත්හ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.