අන්තර් ඒකක පිහිනුම් හා ජලපන්දු ශූරතා තරඟාවලිය 2011

ගුවන් හමුදා අන්තර් ඒකක පිහිනුම් හා ජලපන්දු ශූරතා තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ජූලි 29 වන දින පැවැත්විණි. තරඟාවලියේ සමස්ථ ජය ගුවන් හමුදා අනුරාධපුර කඳවුරට හිමි විය. මෙහිදී ජලපන්දු පිරිමි අංශයේ ජය අනුරාධපුර කඳවුරටත් කාන්තා අංශයේ ජය කොළඹ කඳවුරටත් හිමි විය.

ජූලි මස 26 සිට 29 දක්වා පැවැති මෙම තරඟාවලිය සඳහා ගුවන් හමුදාවේ සෑම කඳවුරක්ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු සි. ආර්. ගුරුසිංහ, ගුවන් හමුදා පිහිනුම් සභාපති එයාර් කොමදෝරු සි. පි. වැලිකල කටුනායක සැපයුම් හා නඩත්තු ඒකක අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජේ. ආර්. හේමසිංහ, ගෲප් කැප්ටන් සංජය සිල්වා, ගෲප් කැප්ටන් කේ. ආර්. එරමුදුගොල්ල යන නිළධාරින් සහභාගී වූහ. 



  

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.