බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියකු පත් කෙරේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරියකු 2024 දෙසැම්බර් 23 දින පත් විය. සම්ප්‍රදායික භාරදීමේ/භාර ගැනීමේ පෙළපාලිය කදවුරු පෙළපාළි භූමියේදී සිදු විය. එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජීඑස්එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් විසින් ගෲප් කපිතාන් එන්පී පෙරේරා නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරී ධූරය භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ජීඑස්එන් ප්‍රියදර්ශන නිලධාරිතුමන් පාලවි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරි භාර ගනු ඇත. නව අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එන්පී පෙරේරා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ධූරයට පත්වීමට පෙර රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ අණදෙන නිලධාරී ධූරය හෙබවීය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.