'කාටද ආඩම්බර' විශේෂ වැඩමුළුව

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකාවන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ රූපලාවන්‍ය වැඩමුළුව ජූලි 30වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ප්‍රවීණ රූපලාවන්‍ය අධ්‍යක්ෂවරියක් හා 'සැලුන් නයනා' හිමිකාරිය වන නයනා කරුණාරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළුව දියත් විය. මෙහිදී පෞරුෂ සංවර්ධනය හා වෙනත් කරුණු ගැන ගුවන් හමුදා නිළධාරින්ගේ බිරින්දෑවරුන් දැනුවත් කරන ලදී. තවද නයනා කරුණාරත්න මහත්මිය විශේෂ දේශනයක් මෙහිදී පැවැත්වූවාය.

තවද විශේෂ සාරි හා කොන්ඩා මෝස්තර ප්‍රායෝගිකව නිරූපනය කිරීමක් සිදු කරන ලදී.

සියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, නියෝජ්‍ය සේවා වනිතා ඒකකයේ සභාපතිනි රොෂානි ගුණතිලක මැතිනිය, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ නිළධාරීන්ගේ බිරින්දෑවරුන් සෙසු කාන්තා නිළධාරින් සහභාගී වූහ. දවස පුරා පැවැති මෙම වැඩමුළුව අධ්‍යාපනය, විනෝදය, ආගන්තුක සත්කාරවලින් පිරි සුවිශේෂී වැඩසටහනක් බවට පත් විය. 




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.