ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුර සිය 15 වන සංවත්සරය සමරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුර 2025 ජනවාරි 05 වන දින සමාජීය හා විනෝදාත්මක වැඩසටහන් රාශියක් සමගින් සිය 15 වන සංවත්සරය සමරන ලදී.

අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් නලින් වැවකුඹුර නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදායික වැඩ පෙළපාළියක් පැවැත්වූ අතර අනතුරුව දින සැමරුම් උත්සවයවයට සමගාමීව  2025 ජනවාරි 02 සහ 03 යන දිනවල ශාන්තිපුර සිංහල විද්‍යාලයේ ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ නානුඔය දුම්රිය ස්ථානය අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී. කඳවුරේ නිලධාරීන් සහ අනෙකුත් නිලයන්ගේ සහභාගීත්වයෙන් සහයෝගීතාවය වර්ධනය කිරීම සදහා වොලිබෝල් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.