ගුවන් හමුදා වාර්ෂික පුහුණුකරු සම්මේලනය 2011

ගුවන් හමුදාපතිතුමන් හා ගුවන් හමුදා මලල ක්‍රීඩා පුහුණුකරුවන් අතර පැවැති වාර්ෂික සම්මේලනය 2011 අගෝස්තු මස 02වන දින ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙහිදි ගුවන් හමුදාපතිතුමන් සම්මාන හා සහතික පිරිනමමින් පුහුණුකරුවන් ඇගයීමට ලක්කල අතර, ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් අගයමින් පෝෂණ ද්‍රව්‍යද ක්‍රීඩකයන් හට ධාවනය සඳහා විශේෂ පාවහන්ද පිරිනමන ලදී.

තවද මලල ක්‍රීඩා පුහුණුකරුවන් දිරිගැන්වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික මට්ටමේ තරඟාවලියන්හි ජයග්‍රහණ ලබා ගන්නා විට පුහුණුකරුවන්ට වටිනා මුදල් ත්‍යාග පිරිනමන බව මෙහිදී සඳහන් කරන ලදී.   




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.