ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ නව අණදෙන නිලධාරියකු පත්කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මිරිගම කඳවුරේ ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ (ADC&CC) නව අණදෙන නිලධාරිවරයකු 2025 ජනවාරි 27 දින පත් විය. මිරිගම ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.එච්.එම්.ටී.සී.කේ බණ්ඩාර  නිලධාරිතුමන් විසින් ගෲප් කැප්ටන් ඊ.සී.ඒ ජයසුන්දර නිලධාරිතුමන් වෙත අණදෙන නිලධාරි  තනතුර භාරදෙන ලදී.

නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඊ.සී.ඒ ජයසුන්දර නිලධාරිතුමන් ගුවන් ආරක්ෂක අණ සහ පාලන මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස පත් කිරීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරී ගුවන් ආරක්ෂක-I ලෙස රාජකාරි කටයුතු සිදුකර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.