ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2011

ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ පිරිමි අංශයේ ජය පලාලි කඳවුරටත්, කාන්තා අංශයේ ජය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කණ්ඩායමටත් හිමි විය. මෙම තරඟාවලිය අද (අගෝස්තු 03) කොළඹ ගුවන් හමුදා කඳවුරු 'රයිෆල් ග්‍රීන්' ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

මෙහිදී පිරිමි අංශයේ අවසාන මහා තරඟය ගුවන් හමුදා පලාලි හා කටුනායක කඳවුරු අතර පැවැති අතර, ප්‍රථම වතාවට කාන්තා අංශයේ ක්‍රිකට් කණ්ඩායම් අතර එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ හා චීනවරාය විද්‍යාපීඨ කණ්ඩායම් අතර පැවැත්විණි.

කාන්තා අංශයේ පන්දුවාර 10කින් සමන්විත තරඟාවලිය සඳහා ගුවන් හමුදා කණ්ඩායම් අටක් පමණ සහභාගී වූ අතර, මෙම තරඟ පසුගිය ජූලි 27වනදා පටන් රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ තරඟ සංවිධාන කමිටුවේ සභාපති බැසිල් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා ක්‍රිකට් සංචිතයේ සභාපති එයාර් කොමදෝරු සංජය විජේමාන්න, පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් අතුල කළුආරච්චි, 27 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ඉන්දික වීරරත්න සහ ගුවන් හමුදා  ක්‍රිකට් සංචිතයේ ලේකම් විංග් කමාණ්ඩර් මිගාර පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.


 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.