ආසියානු ඒකාබද්ධ 'බොක්සිං' ශූරතා තරඟාවලිය

කොරියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ඒකාබද්ධ 'බොක්සිං' ශූරතා තරඟාවලිය සඳහා තොරාගැනීමේ තරඟාවලියක් කොළඹ රාජකීය විද්‍යාල බොක්සිං වළල්ලේදී පැවැත්විණි. මෙම තරඟාවලිය අගෝස්තු මස 03 සිට 13 දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩකයින් මේ සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබා සිටි.

ගුවන් හමුදාවේ නායක ගුවන්භට ජයකොඩි ටි.ඩී.එන්.ටි (සැහැල්ලු බර පංතිය - කිලෝග්‍රෑම් 60ට අඩු) තරඟයේදී ශූරතාවය දිනා ගන්නා ලදී. මෙහිදී නායක ගුවන්භට
ධනුෂ්ක (බැන්ටම් බර පංතිය - කිලෝග්‍රෑම් 56ට අඩු) අනුශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තොරාගැනීමේ තරඟාවලියේදී නායක ගුවන්භට ජයකොඩි ටි.ඩි.එන්.ටි ආසියානු ඒකාබද්ධ බොක්සිං ශූරතා තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔහු 2007 මැයි මස 07වන දින ගුවන් හමුදාවේ අවිකරු වෘත්තියට බැඳුනු අතර මූලික පාඨමාලාව ගුවන් හමුදා චීන වරාය කඳවුරේදී ලබා ගන්නා ලදී. පසුව මොහු ගුවන් හමුදා බොක්සිං සංචිතයට එක් විය. තවද 2008 වර්ෂයේදී අන්තර් ඒකකන් බොක්සිං ශූරතාවය දිනා ගැනීමට සමත් විය. 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.