ගුවන් හමුදා පැරෂුට් පාඨමාලාව විසිර යයි

ගුවන් හමුදා පැරෂුට් පුහුණු පාසලේ අංක 04 මූලික පැරෂුට් එතීමේ පාඨමාලාව, අංක 22 මූලික පැරෂුට් පාඨමාලාව සහ අංක 23 මූලික පැරෂුට් පාඨමාලාව හැදෑරීමට වරම් ලද මෙම නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිස තම හමුදා ජීවිතයේ තවත් අභියෝගයකට මුහුණදී, ඉමහත් තෘප්තියක් හා ජයග්‍රහණයක් ලද දිනයක් ලෙස අද (අගෝස්තු 04) සටහන් තැබිය හැක.

මෙම විසිර යාමේ පෙළපාලිය විචිත්‍රවත් කරමින් අංක 22 හා 23 නියෝජනය කරමින් පැරෂුට් පුහුණු භටයින් 09 දෙනෙක් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානයකින් අඩි 1000ක සිට පැනීම සිදු කරන ලදී. මෙම 09 දෙනා අතරට ගුවන් කාන්තාවන් 04 දෙනෙකුද ඇතුලත් වීම සුවිශේෂී කරුණකි.     

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් පියාසර ලාංජන පැළඳවීම සිදු විය. අංක 22 මූලික පුහුණු පැරෂුට් පැනීමේ පාඨමාලාවේ දක්ෂතම පැරෂුට් භටයා ලෙස නායක ගුවන් භට බණ්ඩාර ඒ.එම්.ඒ සහ අංක 23 මූලික පැරෂුට් පැනීමේ පුහුණු පාඨමාලාවේ දක්ෂතම පැරෂුට් භටයා ලෙස සැරයන් ජයතිලක එන්.ජි.යූ.අයි ගුවන් හමුදාපතිතුමා අතින් සම්මාන ලැබීය.

මෙම අවස්ථාවට දන්ත සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගම, සුභසාධන අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා, මෙහෙයුම් භූමි අධ්‍යක්ෂ එයාර් කොමදෝරු මොහාන් සොයිසා, පුහුණු අධ්‍යක්ෂ එයාර් කොමදෝරු කිෂාන් යහම්පත්, වැඩබලන විද්‍යුත් හා සංනිවේදන ඉංජිනේරු අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් ජනක වනිගතුංග සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි එයාර් කොමදෝරු රනිල් ගුරුසිංහ, අනෙකුත් ඒකකයන්හි අණදෙන නිළධාරින් ඇතුළු රැසක් සහභාගි විය. 



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.