ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගනී

සම්ප්‍රදායට අනුකූලව ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 පෙබරවාරි 08 වන දින  උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.

ගුවන් හමුදාපතිතුමා මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන්ගේ විහාරස්ථානවලට ගොස් උන්වහන්සේලාගේ ආශිර්වාද ලබා ගන්නා ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන භාරකරු ප්‍රදීප් නිලංගා දෑල මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය සහ ගුවන් හමුදාවේ අනෙකුත් නියෝජිතයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.