ජනාධිපති සහ ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදා නිලධාරීන් අතර හමුවක්

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් 2025 මාර්තු මස 27 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අනාගත ආරක්ෂක පියවරයන් කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර, ඉන්දියානු සාගර කලාපය තුළ සමුද්‍ර ආරක්ෂක ගුවන් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩිදියුණු කිරීම පිළිබඳ ගැඹුරු සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාදීම පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරන ලදී.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ තවත්  ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

Courtesy: President’s Media Division

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.