ශ‍්‍රි ලංකා ගුවන් හමුදා 26 පාපැදි සවාරියේ පලමු අදියර සාර්ථකව අවසන් වෙයි

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 74 වන සංවත්සරයට සමගාමීව 26 වන වතාවට ගුවන් හමුදා පාපැදි කමිටුව විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරියේ පලමු අදියර අද දින උදෑසන වීරවිල ගුවන් හමුදා කදවුර අසලින් ආරමිභ කරන ලදි.

පලමු අදියර වීරවිල සිට රත්නපුර දක්වා (කි.මී 140.5) දුරක් පාපැදි තරඟකරුවන් ධාවනයේ යෙදුනු අතර එහිදි පළමු ස්ප්‍රීන්ට් ජයග්‍රහණයන් පිළිවෙලින් ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ පසිදු තිසේරා, ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නිදුෂ් නිරන්ත හා ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ හරින්දු මීමනගේ විසින් ලබා ගත් අතර, දෙවන ස්ප්‍රීන්ට් ජයග්‍රහණයන් පිළිවෙලින් ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ අශේන් මාරප්පෙරුම,  ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ සදරුවන් පින්තු හා ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායමේ හරින්දු මීමනගේ ජයග්‍රහනය කල අතර, පලමු අදියරේ කදු ශූරයින් ලෙස පිළිවෙළින් ශ්‍රි ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ නිදුෂ් නිරන්ත,  ශ්‍රි ලංකා යුධ හමුදා කණ්ඩායමේ සාරංග පෙරේරා හා ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායමේ පැතුම් සම්පත් යන ක්‍රීඩකයින් විසින් ජයග්‍රහණය කරන ලදි.

පැය 02යි විනාඩි 51යි තත්පර 57ක කාලයකදි තරඟය අවසන් කරමින් මෙම අදියරේ ප‍්‍රථම ස්ථානය ශ්‍රි ලංකා නාවික හමුදා කණ්ඩායමේ සුරේෂ් ප්‍රසංග දිනාගත් අතර, දෙවන ස්ථානය ශ්‍රි ලංකා පොලිස් කණ්ඩායමේ චමෝද් ද සිල්වා විසින් දිනා ගන්නා ලදි තරගයේ තුන්වන ස්ථානය ශ්‍රි ලංකා යුද හමුදා කණ්ඩායමේ සදරුවන් පින්තු ක්‍රීඩකයාට හිමිවිය. හෙට දින (2025 මාර්තු මස 01 වන දින) තරගයේ දෙවන  අදියර ලෙස රත්නපුර සිට මහනුවර දක්වා (කි.මී 118.3ක) දුරක් පාපැදි තරගකරුවන් ධාවනයේ යෙදිමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.