ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් 74 වන සංවත්සරය සමරයි

ශ‍්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වු 74 වන සංවත්සරය 2025 මාර්තු මස 02 වන දින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදි අභිමානවත් අයුරින් සැමරිමට කටයුතු සංවිධානය කර ඇත.  

ශ‍්‍රී ලංකාව තුල ගුවන් හමුදා ඉතිහාසයේ ආරමිභය වර්ෂ 1951 මාර්තු 02 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදු වු අතර ශ‍්‍රි ලංකාව ජනරජයක් ලෙස පත්විමෙන් අනතුරුව 1972 මැයි මස 22 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්වන ලදි. ලක්අඔර සුරකින්නට  ''සුරකිමු ලකඹර'' උදෘත පාඨය පෙරදැරි කර ගනිමින් පුරා වසර 74 ක් තම මෙහෙවර මව් බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට හැකි විය.

ශ‍්‍රී ලාංකීය ගුවන් තලයේ නිත්‍ය ආරක්ෂකයා වන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ලක් ගුවන් තලය සුරකිනවා සේම මාතෘ භූමියට සිදු වූ ස්වභාවික විපත්වලදී ද ජනතාව මුදවා ගැනිමේ මෙහෙයුම් හා සුභසාධන කටයුතු ඉටුකිරිම සදහා ද සුවිශේෂී දායකත්වයක් දක්වමින් මානුෂිය මෙන්ම නව තාක්ෂණ දැනුම හා වෘත්තිමය පරිණත භාවය මෙන්ම විනය ගරුක බවින් ද පරිපූර්ණව අභිමානවත් හමුදාවක් ලෙස තම කාර්යයන් නිසි ලෙස ඉටුකරන ලදි.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව වත්මන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඇතුළු ගුවන් හමුදාධිපතිවරුවන් 20 දෙනෙකුගේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ වසර 74 ක් ශ‍්‍රී ලාංකීය ලකඹර සුරකිමින් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් දිවි හිමියෙන් ඉටු කලා සේම ඉදිරියටත් අප මාතෘ භූමිය සුරක්ෂිතකිරිම සදහා තම මෙහෙවර ඉටු කිරිමට සූදානමිනව සිටි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.