ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය - 2011

ජනරාල් සර් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් දෙවන වරටත් සංවිධානය කරන ලද ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලිය 2011හි අනුශූරතාවය ගුවන් හමුදාවට හිමි විය. 'බොල්ගොඩ ලේක් රෝවිංග්' ඔරු පැදීමේ ක්‍රිඩා සමාජය 'එලයිට්' පිරිමි අංශය හා පිරිමි අවුරුදු 25-31 වයස් සීමාව යටතේ තරඟ වැද ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

තවද ගුවන් හමුදා ඔරු පැදීමේ කණ්ඩායම විංග් කමාණ්ඩර් තිලිණ කළුආරච්චි අනුස්මරණ කුසලානය හා බොල්ගොඩ අභියෝගතා කුසලානය දිනා ගැනීමටද සමත් විය. මෙහිදී ප්‍රථම වතාවට ගුවන් හමුදා කාන්තා ඔරු පැදීමේ කණ්ඩායමක් මෙම ගෘහස්ථ තරඟාවලිය සඳහා සහභාගී වූ අතර වයස අවුරුදු 21-25 සීමාව යටතේ තරඟ වැද ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

මෙම තරඟාවලිය සඳහා ගුවන් හමුදා, ජනරාල් සර් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාල, පාසැල් හා ක්‍රීඩා සමාජ ඔරු පැදීමේ කණ්ඩායම් රැසක් සහභාගි විය. ජයග්‍රහණය ලබාගත් කණ්ඩායම්වල සමාජිකයින් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවයක්ද පැවැත්විණි.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.