නීලගිරි මහා සෑයේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම සිදු කරයි

මොනරාගල සහ අම්පාර දිස්ත්‍රික්ක මායිම්ව සියඹලාන්ඩුව පොතුවිල් මාර්ගයේ  කි.මී 19කින්  පසුව හමුවන  ලාහුගල නම් ඝර්ම කලාපීය  ප්‍රදේශයේ  පිහිටා ඇති මෙතෙක් ධාතු කරඬු වැඩිම ප්‍රමානයක් තැන්පත්ව තිබූ බෞද්ධ සංස්කෘතික ඉතිහාසයේ පුරාවෘතයක් ලෙස හැදින්විය හැකි ‌‌‌‌ඓතිහාසික නීල ගිරි මහා සෑයේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම ගුවන් හමුදා නියෝඡ්‍ය මාණ්ඩලික ප්‍රධානී චමින්ද වික්‍රමරත්න නිළධාරිතුමන්ගේ  සහභාගීත්වයෙන්  2025 මාර්තු මස 04 වන දින සිදුවිය.

ශ්‍රි ලංකා  ගුවන් හමුදා පුර්ණ ශ්‍රම දායකත්වයෙන් ඉදිකරනු ලැබූ  නැගෙනහිර පලාතේ පිහිටා ඇති අඩි 215 ක උසකින් හා අඩි 104ක පරිදියකින් යුත් මෙම නීලගිරි දාගැබේ ධාතු තැන්පත් කිරීමේ ‌ඓතිහාසික පූඡොත්සවය හේවිසි පූඡා මධ්‍යයේ  පැවැත්විණි.

මෙම ‌ඓතිහාසික අවස්ථාවට, ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහා නායක
අතිපූඡ්‍ය මකුලෑවේ විමල මහා නායක නාහිමිපානන් වහන්සේ, නාඋයන ආරන්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්ය අතිපූඡ්‍ය අගුල් ගමුවේ අරියනන්ද මාහිමිපානන් වහන්සේ, ශ්‍රි ලංකා රාමාඤ්ඤ මහා නිකායේ ලේඛකාධිකාරී අත්තනගනයේ සාසනරතන ස්වාමීන් වහන්සේ, ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ සංඝසභාවේ ප්‍රධාන සභාපති පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය අතිපූඡ්‍ය මීතලාවේ විනීත මහ ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නය, ගුවන් හමුදා ජේෂ්ඨ නිළධාරීන්, සෙසු නිලයින්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ඡෙනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් යන මහත්වරුන් හා සැදැහැවතුන් විශාල පිරිසක්  සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.