'සුවනාරී' වෛද්‍ය සායනය - හිඟුරක්ගොඩ

ජනාධිපති සේවා වනිතා ඒකකයේ ඉනෝකා රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ 'සුවනාරි' වෛද්‍ය සායනයක් අගෝස්තු 05 වන දින පැවැත්විණි.

ගුවන් හමුදා සිවිල් හා සේවා පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකාවන් සදහා වෙන් වූ මෙම සායනය තුලින් ඔවුන්ගේ සෞඛ්‍ය නගා සිටුවීමට උපකාරිවන අතර ගුවන් හමුදාවේ සියලුම සාමාජිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් මෙම සායනයට යොමු කිරීමෙන් අනතුරුව රෝගකාරක කලින් හදුනාගෙන ඊට අදාල ප්‍රතිකාර ලබා දීමට මෙම සායනය මගින් හැකිවීම විශේෂත්වයකි.

මෙහිදී පියයුරු පිළිකා රෝගය පිළිබඳව හා ඒ ආශ්‍රිතව වැලදෙන විවිද රෝගයන් පිළිබඳව කාන්තාවන් දනුවත් කිරීම හා එම රෝගයන් අශ්‍රිතව සිදුකරනු ලබන පරීක්ෂන පිළිබදව මෙහිදී පුළුල් ලෙස දැනුවත් කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය ජයනාත් දිසානායක, කඳවුරු වෛද්‍ය නිළධාරි බලපංති ලුතිනන් හිමාලි මෙන්ඩිස් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය එක්ව මෙම සායනය සිදු කරන ලදී.  

තවද මෙම අවස්තාව සඳහා කඳවුරු අනදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්ෂ හා අනෙකුත් නිළධාරින් රැසක් සහභාගී වූහ.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.