කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 19 වන සංවත්සරය සමරයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය (ADRS)  2025 මාර්තු 10 වන දින ආගමික කටයුතු මාලාවක් සමඟින් සිය 19 වන සංවත්සරය සමරනු ලැබීය. මීගමුව, බෝලවලාන “ශ්‍රී ජයදර්ශනාරාම” විහාරස්ථානයේ දී 'ශ්‍රමදාන' ව්‍යාපාරයක් පවත්වන ලද අතර බලඝණයේ සහ කාර්ය මණ්ඩලයේ අධ්‍යාත්මික ආශිර්වාද පතා පිරිත් සජ්ඣායනයක් අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඩීආර්ටී මල්ලවආරච්චි නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ පවත්වන ලදී.

සංවත්සර උත්සවය සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර, එය අණදෙන නිලධාරී විසින් පරීක්ෂාකරන ලද අතර, උත්සවය බලඝණයේ අණදෙන නිලධාරී සහ බලඝණ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් උද්යෝගිමත් ක්‍රීඩා ඉසව්වකින් අවසන් විය.

-->

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.