89 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවය - 2011

ගුවන් හමුදා මලල ක්‍රීඩකයින් 89 වන ජාතික මලල ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් පෑමට සමත් වූහ. මෙම ක්‍රීඩා උළෙල පසුගිය අගෝස්තු 06, 07 හා 08 යන දිනයන්හීදී දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙම ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 700ට අධික ප්‍රමාණයක් සහභාගී වූහ. මෙහිදී ගුවන් හමුදා මලල ක්‍රීඩකයින් රන් 11, රිදී 10 හා ලෝකඩ 11 ආදී වශයෙන් පදක්කම් 32 දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ක්‍රීඩා අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගම මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු ඇතුළු රැසක් සහභාගි වූහ.



 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.