ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර පුහුණු සේවා වැඩිදියුණු කිරීමේ ගිවිසුමක් අත්සන් කෙරේ

ගුවන් සේවා පුහුණු සේවා වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර පුහුණු සේවා වැඩිදියුණු කිරීමේ ගිවිසුමක් 2025 මාර්තු 18 වන දින අත්සන් කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී සහ පියාසැරි මෙහෙයුම් ප්‍රධානී පැට්‍රික් ප්‍රනාන්දු මහතා සමග මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ අතර ගුවන් හමුදාව නියෝජනය කරමින් ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ගුවන් ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් ගිහාන් සෙනෙවිරත්න සහ එයාර් කොමඩොර් චන්දිමාල් හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ඉංජිනේරු ප්‍රධානී විපුල් මිශ්‍ර මහතා, ශ්‍රී ලංකා ගුවන් පුහුණු සේවා විද්‍යාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කාලිංග හිරන්‍යා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.