අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවලිය - 2011

ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ බැඩ්මින්ටන් කණ්ඩායම 2011 අන්තර් ඒකක බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අවසාන මහා තරඟය චීන වරාය විද්‍යාපීඨ බැඩ්මින්ටන් කණ්ඩායම හා කටුනායක කාර්මික පක්ෂාංග කණ්ඩායම අතර පසුගිය අගෝස්තු මස 05වන දින කටුනායක ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

දිවයිනේ සෑම කඳවුරක්ම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120ක් පමණ මෙම තරඟාවලිය සඳහා
සහභාගී වූ අතර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි 'කෝප්‍රල් ගුණවර්ධන අනුස්මරණ කුසලානය' දිනා ගැනීමට කෙඩෙට් නිළධාරි බණ්ඩාර එස්.ඒ.ආර්.එස්.යූ සමත් විය.  

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීවු අතර කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරි ගුවන් කොමදෝරු රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා බැඩ්මින්ටන් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් රංජිත් සේනානායක, සාමාන්‍ය ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් වසන්ත අමරකෝන්, ගගන ඉංජිනේරු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් මහිලාල් රත්නායක, සැපයුම් හා නඩත්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජගත් හේමසිංහ ඇතුළු රැසක් සහභාගි විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.