ගුවන් හමුදා වීරවිල කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අණදෙන නිලධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික  පෙළපාලිය 2025 මාර්තු 26 වන දින පෙළපාළි චතුරශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් එච්කේඑස්ඒ සිල්වා නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්එන්එන් වනසිංහ නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරී තනතුර භාර දෙන ලදී.

සාම්ප්‍රදායික ආගමික වතාවත් අවසන් කිරීමෙන් පසු නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්එන්එන් වනසිංහ නව ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.