අංක 38 අවිකරු උපදේශක පාඨමාලාව විසිර යයි

ගුවන් හමුදා දියතලාව කඳවුරේ මාස පහක් පුරාවට ක්‍රියාත්මක වූ අධිකාරි නොලත් නිළධාරින්ගේ අවිකරු උපදේශක පුහුණු පාඨමාලාව පසුගිය අගෝස්තු 03 වන දින විසිර යන ලදී. මෙහිදී මනා පුහුණුව ලැබූ අධිකාරි නොලත් නිළධාරීන් 81 දෙනෙකු විසිර යන ලදී.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස දියතලාව කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජනක අමරසිංහ සහභාගි වූ අතර සාර්ථක අන්දමින් පාඨමාලාව නිම කළ ගුවන් හමුදා සමාජිකයින්ට 'ලෙන්යාර්ඩ්' පැළඳවීම හා කුසලාන පිරිනැමීම සිදු කරන ලදී.

මෙම පාඨමාලාව මාර්තු 21වන දින සිට පුරා මාස පහක් දිවයිනේ විවිධ ප්‍රදේශවල එනම්
පට්ටිපොළ, ලොග්ගල් ඔය, අම්පාර ආදී වශයෙන් පැවැත්විණි. දියතලාව පුහුණු පාසලේ අවි
පුහුණු නිළධාරි බළඝණ නායක අනුර පෙරේරාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම අවිකරු උපදේශක පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වූ අතර මෙහිදී විනය, අවි පුහුණුව, පා සරඹ හා වෙනත්
කරුණු ඔස්සේ දැනුම ලබා දෙන ලදී.

විශිෂ්ටතම අවිකරු උපදේශක    - 24707 කෝප්‍රල් ෆ්‍රෑන්ක් කේ.ඒ.ඒ.ඩි.ඩි
විශිෂ්ටතම ශාරීරික යෝග්‍යතාව  - 24513 කෝප්‍රල් ධර්මදාස ආර්.බී.කේ
විශිෂ්ටතම සරඹ                  - 24448 කොප්‍රල් බණ්ඩාර ඩි.එම්.ආර්.ඩි
විශිෂ්ටතම වෙඩික්කරු           - 21923 කෝප්‍රල් මුදිත කුමාර ජි.ඒ.එස්

විසිර යාමේ පෙළපාලිය අවසන් වීමෙන් අනතුරුව අවිකරු උපදේශකවරුන්ගේ විශේෂ සරඹ
සන්දර්ශනයක් 'බෙන්ට්ලි' පිටියේදී පැවැත්විණි. මෙලෙස විසිර ගිය ගුවන් හමුදා සමාජිකයින් දිවයිනේ සෑම ගුවන් හමුදා කඳවුරකම සේවය කිරීමට සුදානමින් සිටි.      





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.