ජාතික කබඩි ශූරතාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශුරතාවය ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා කබඩි සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික කබඩි ශූරතාවලිය පසුගියදා  පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදී ක්‍රිඩිකාවන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව අවසන් විය.

මෙම තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් අවසන් මහා තරගයේදී 28ට 34 ලෙස නාවික හමුදා කාන්තා කන්ඩායම පරදවමින් කාන්තා ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කබඩි කන්ඩායම සමත් වූ අතර ජාතික කබඩි පිරිමි ශූරතාවලියේ  අනුශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කබඩි කන්ඩායම සමත් වූ අතර ජාතික කබඩි පිරිමි ශූරතාවලියේ  ශූරතාවයට හිමිකම් කීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය.මෙම තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කළ  සිතුම් මනෝජිනී ක්‍රිඩිකාව සමත් විය.

කුසලාන හා සහතික පත් ප්‍රධානෝත්සවය ජාතික කබඩි සම්මේලනයේ සභාපති ඉන්ද්‍රතිස්ස දේදුනුපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදී  පැවැත්විනි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.