අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය වෙත නව අණදෙන නිලධාරියා වරයෙක් පත්කරන ලදී

ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ  අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ  සම්ප්‍රදායික පෙළපාලිය 2025 අප්‍රේල් 04 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් පීඑස් ලියනාරච්චි නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එල්වයිඩබ්ලිව් සෙනෙවිරත්න නිළධාරීතුමන් වෙත අණදෙන නිලධාරි තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් පීඑස් ලියනාරච්චි වසර 26 ක සේවා කාලයකින් පසු 2025 අප්‍රේල් 05 වන දින සේවයෙන් විශ්‍රාම ගියහ. නව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්වයිඩබ්ලිව් සෙනෙවිරත්න මීට පෙර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 4 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී මෙහෙයුම් ලෙස සේවය කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.