ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ ජල පිරිපහදු යන්ත්‍රය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය විසින් විවෘත කරන ලදී.

වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අලුතින් පිහිටුවන ලද ප්‍රතිලෝම ඔස්මෝසිස් (RO) ජල පිරිපහදු යන්ත්‍රය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ක්‍රිෂාන්ති එදිරිසිංහ මහත්මිය විසින් 2025 මැයි 26 වන දින විවෘත කරන ලදී. මෙම කඳවුරේ සේවය කරන කාර්ය මණ්ඩලයට ආරක්ෂිත පානීය ජල පහසුකම් සපුරාලීම සදහා පිහිටුවන ලදී.

මෙම ව්‍යාපෘතිය වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල කුරුවිට නිලධාරිතුමන්ගේ අධීක්ෂණය යටතේ අවසන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ පරිත්‍යාගශීලි මහාචාර්ය සිවලිංගම් සිවන්තන් මහතාගේ පූර්ණ අරමුදල් මගිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ඒ සදහා අවශ්‍ය ශ්‍රම බලය සපයන ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා වවුනියාව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු අසේල කුරුවිට, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් ලිලංගි රන්දෙණි, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය සහ ගුවන් හමුදා වවුනියාව කඳවුරේ නිළධාරීන් සහ සෙසුනිලයින් රැසක් මේ සදහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.