ගුවන් හමුදා දියතලාව කඳවුරු පෙරපාසල් වාර්ෂික ක්‍රීඩා උත්සවය

ගුවන් හමුදා දියතලාව කඳවුරු අණදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජනක අමරසිංහ මහතාගේ
ප්‍රධානත්වයෙන් වාර්ෂික පෙරපාසල් ක්‍රීඩා උත්සවය අගෝස්තු මස 09 වන දින කඳවුරු පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

පෙර පාසල් තූර්යවාදක කණ්ඩායම සමග එක්ව බළඝණ නායක චන්දන මුණසිංහ ප්‍රධාන ආරාධිත
අමුත්තා පිළිගන්නා ලදී. ජාතික කොඩිය එසවීම හා පොල්තෙල් පහන දැල්වීමෙන් අණතුරුව උත්සවය ආරම්භ විය. තවද එදින නොයෙකුත් ක්‍රීඩා හා විනෝදාංශයන්ගෙන් පිරී දවසක් බවට පත් විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන මෙම පෙරපාසල මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ ළමුන් සඳහා ඉතා උසස් අධ්‍යාපනයක් ලබා දීම සිදුකරනු ලබයි.





ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.