ගුවන් විරුවන් සිහිකරමින් ශාන්ත තෙරේසා දේවස්ථානයේදී දේව මෙහෙයක්

තම මාතෘභුමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා ශ්‍රි ලංකා ලංකා ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය සහ අතුරුදහන් වු සියළුම රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල
සාමාජිකයන් සිහිකරමින් සහ සක්‍රිය සේවයේ යෙදී සිටින රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් හට ආශිර්වාද කරමින් කොළඹ තිඹිරිගස්යාය ශාන්ත තෙරේසා දේවස්ථානයේදී ගුවන් හමුදා සාමාජිකයින් ගේ සහභාගීත්වයෙන් දේව මෙහෙයක් අද (18)දින සිදු කරන ලදී. 

මෙම ප්රයධාන කතෝලික දේව මෙහෙය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්රේම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා අධ්යික්ෂ මණ්ඩලය නියෝජනය කරමින් උසස් නිළධාරීන් හා ගුවන් භටයින් ද මෙම අවස්ථාවට සහභාගීවිය. 

මෙම කතෝලික දේව මෙහෙය සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා සහභාගී වු අතර ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක හා ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ ආර් ඒ රණසිංහ, සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අනුර සිල්වා, පුහුණු අධ්‍යක්ෂක ගුවන් කොමදෝරු යහම්පත්, මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් මොහාන් සොයිසා ඇතුලු උසස් නිලධාරින් රැසක්ද මේ අව්ස්ථාවට එක්වූ අතර සෙසු නිළයන්ද මෙම අවස්ථාවට එක්විය.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.