පැසිපික් ප්‍රවාහන රැලිය - 2011

පැසිපික් ගුවන් ප්‍රවාහන රැලිය යනු සෑම වසරකම ඉන්දු - පැසිපික් කලාපයේ රටවල් සහභාගි වෙමින් පවත්වන අන්තර්ජාතික සාමූහික ගුවන් ප්‍රවාහන හා සම්බන්ධ වැඩමුළුවකි. ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිෆික් කලාපීය මූලස්ථානය විසින් මෙය සංවිධානය කරයි. මෙහි මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු මස 19 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන මෙම 'පැසිපික් ගුවන් ප්‍රවාහන රැළිය' අගෝස්තු මස 22 සිට 26 දක්වා ගුවන් හමුදා රත්මලාන හා අම්පාර ගුවන් සීමාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

එක්සත් ජනපද ගුවන් හමුදා පැසිපික් කලාපීය මූලස්ථානය හා මෙම කලාපයේ අනෙක් රටවල ගුවන් හමුදා අතර හමුදාමය සහයෝගීතාවය වැඩිදියුණු කිරීම, ස්වාභාවික ව්‍යසනවලදී ක්ෂණික මෙන්ම ක්‍රියාශීලි මැදිහත්වීම මෙහි ප්‍රධාන අරමුණුවේ.

මෙම රැළිය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත. සැලසුම් ක්‍රියාන්විතය යටතේ මුළු මෙහෙයුමේ සියලුම සැලසුම් ක්‍රියාවලිය සිදු කරනු ලබයි. ඒ සඳහා ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, කාම්බෝජය, කැණඩාව, ඉන්දියාව, ඉන්දුනිසියාව, ලාඕසය, මැලේසියාව, මාලදිවයින, මොංගොලියාව, නේපාලය, නවසිලන්තය, පැපුවා නිව්ගිනියාව, පිලිපිනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටොංගා, එක්සත් ජනපදය හා වියට්නාමය යන රටවල ගුවන් හමුදා නිළධාරීන් රැසක් සහභාගී වීමට නියමිතය.

මෙහි දෙවන කොටස වන ප්‍රායෝගික ක්‍රියාන්විතය මගින් මෙහෙයුම ප්‍රයෝගික ක්‍රියාවලිය සහ නිපුණතා වැඩි දියුණු කිරිම සිදු කරනු ලබයි. ඒ සඳහා එක්සත් ජනපදය - 03, ශ්‍රී ලංකාව - 01, රාජකීය මැලේසියානු ගුවන් හමුදාව - 01, රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාව - 01, බංගලාදේශ් ගුවන් හමුදාව - 01 ආදි වශයෙන් 'සී - 130' ගුවන් යානා සහභාගි කරවීමට  සුදානමින් සිටී.

මෙම මෙහෙයුම රත්මලාන හා අම්පාර ගුවන් හමුදා කඳවුරු ආශ්‍රිතව පැවැත්වෙන අතර විවිධ වර්ගයේ පැරෂුට් භාවිතයෙන් විවිධ ආකාරයේ භාණ්ඩ බෙදාහැරිම මේ මගින් ප්‍රධාන වශයෙන් අත් හදා බැලීමට නියමිතය.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් ඇන්ඩෲ විජෙසූරියගේ පිළිගැනීමේ කථනයෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම විසින් මෙම මෙහෙයුමේ වැදගත්කම පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් විශේෂ කථනයක් පැවැත්විය. තවද මෙම අවස්ථාවට ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල, මෙහෙයුමේ ප්‍රධාන සම්බන්ධිකාරක නිළධාරි එයාර් කොමදෝරු සුමංගල ඩයස්, ප්‍රයෝගික ක්‍රියාන්විත සම්බන්ධිකාරක නිළධාරි ගෲප් කැප්ටන් නිශාන්ත තිලකසිංහ සහ සැලසුම් ක්‍රියාන්විත සම්බන්ධිකාරක නිළධාරි විංග් කමාණ්ඩර් සරිකා අරනායක යන නිළධාරින්ද සහභාගී වූහ.

  


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.